16th December 2024 10:49:06 Hours
වයස අවුරුදු 17න් පහළ කිලෝග්‍රෑම් 49 බර ඉසිලීමේ ඉසව්වේ ජාතික ශූරිය ලෙස සෙවනපිටිය මහා විද්‍යාලයේ එම්.ඉනෝෂා නවෝද්‍යා ශිෂ්‍යාව තේරී පත්ව ඇත. මීට අමතරව, ඇය දෙසැම්බර් 19-25 දක්වා ෙදා්හා කටාර්හි හි පැවැත්වෙන 2024 ආසියානු යොවුන් සහ කනිෂ්ඨ බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගී වීමේ වරප්‍රසාදය ලබා ඇත. කෙසේ වෙතත්, ඇයට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සහ ෙපා්ෂණය ඇතුලු අනෙකුත් වියදම් සඳහා සූදානම් වීමේදී මූල්‍ය අභියෝග රැසකට මුහුණ දීමට සිදු විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඇයගේ පාසලේ විදුහල්පතිතුමන් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් සිදුකල ලිඛිත ඉල්ලීමකට අනුව ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර ),මේජර් ජෙනරාල් කේ වී එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යු එස්පි පිඑස්සි ජේෂ්ඨ නිලධාරි තුමන් විසින් එළැඹෙන ශූරතාවලිය සඳහා ඇයගේ වියදම් සඳහා රුපියල් අසූ දහසක මුදලක් පරිත්‍යාග ශීලීන්ගේ මූල්‍ය දායකත්වය ඇතුව පරිත්‍යාග කරන ලදී. පරිත්‍යාගය නිල වශයෙන් භාරදීම ආඥාපති කාර්යාලයේදී සිදුකෙරිණි.මෙම අවස්ථාව සදහා අරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර )ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් ,සෙවනපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති තුමා සහ සෙවනපිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානයේ පුහුණු කරු ද සහභාගී විය.